ශ්‍රී ලංකා පොලිසියේ කොන්ත්‍රාත් පදනම මත පවතින සහායක සේවා තනතුරු සඳහා අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. මීට පෙර අගෝස්තු 14 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ අයැදුම්පත් කැඳවීම, 2026 අගෝස්තු 14 දිනැති අංක 2502 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් 2026 සැප්තැම්බර් මස 14 වනදා දක්වා දීර්ඝ කර ඇත.මෙම විශේෂ බඳවා ගැනීම් යටතේ උප පොලිස් පරීක්ෂක සහ පොලිස් කොස්තාපල් යන තනතුරු සඳහා පුරප්පාඩු පවතියි. තොරතුරු තාක්ෂණ, වෛද්‍ය හා සෞඛ්‍ය, තාක්ෂණික සහ කාර්මික මෙන්ම තවත් විවිධ සේවා ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය සුදුසුකම් සපිරූ අයැදුම්කරුවන්ට මෙම අවස්ථාව හිමිවේ.අයැදුම් කිරීමට අපේක්ෂා කරන පිරිස් සඳහා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පමණක් තම අයැදුම්පත් යොමු කිරීමට පහසුකම් සලසා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දන්වා සිටී.



























