පොලිසියේ සිදු වූ වෙනස

පොලිස් ස්ථානාධිපති තනතුර හෙබවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 47 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මෙසේ ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් ස්ථානාධිපතිවරුන් හතළිස්හත්දෙනා අතර විසිදෙනකුට එම ස්ථානාධිපති තනතුර අහිමි වී ඇති අතර ඔවුන් සාමාන්‍ය රාජකාරී සඳහා අනුයුක්ත කර ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

සාමාන්‍ය රාජකාරියේ නිරතව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂක නිලය හෙබ වූ නිලධාරීන් රැසකටම පොලිස් ස්ථානාධිපති තනතුරු හිමි වී ඇතැයි පොලිස් මූලස්ථානයේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම ස්ථාන මාරුවීම් ලබාදීමේ විශේෂ පොලිස් පණිවිඩය ඊයේ නිකුත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *