පසුගිය සැප්තැම්බර් 27 වන දින බද්දේගම, වවුලගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට T-56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් වන්නේ බූස්ස ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ලද්දු කෝලිත යසරත්න ද සොයිසා (ජා.හැ.අ: 762905191V) සහ දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වතුදුර බුද්ධි මධුසංක ගුණසිරි (ජා.හැ.අ: 913161629V) යන අයයි.මොවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් බද්දේගම පොලිස් ස්ථානාධිපති (071-8591480) හෝ බද්දේගම පොලිස් ස්ථානය (091-2292222) වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.



























