බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හෙට විශේෂ රැස්වීමකට කැඳවයි

මීගමුව බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී සිද්ධිය සැලකිල්ලට ගනිමින්, දිවයින පුරා පිහිටි සියලුම බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හෙට (ජූලි 08) පෙරවරු 7.30 ට විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවා ඇත. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී මේ බව තහවුරු කළේය.​මෙම රැස්වීමේදී මීගමුව බන්ධනාගාරයේ සිදුවූ අර්බුදය සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කිරීමට නියමිතය. එසේම, රටේ සෙසු බන්ධනාගාරවල මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් යළි ඇතිවීම වළක්වා ගැනීමට ගත යුතු පූර්වාරක්ෂක පියවර සහ ඉදිරි උපායමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,227

Leave A Reply

Your email address will not be published. Required fields are marked *