බස් ගාස්තු සංශෝධනය ගැන ලබන සතියේ තීරණයක්

ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන අවසන් තීන්දු තීරණ ලබන සතියේදී ගන්නා බවයි.​මේ අතර, අදාළ ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සමඟ කඩිනමින් සාකච්ඡාවක් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මෙහිදී බස් සංගම් නියෝජිතයන් වෙත දැනුම් දී තිබේ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ප්‍රවාහන අමාත්‍යවරයා සහ බස් සංගම් අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අවසන් තීරණයකට එළඹීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,172

Leave A Reply

Your email address will not be published. Required fields are marked *