පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සර් අයිවර් ජෙනිංග්ස් නේවාසිකාගාරයේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නෙරපා හැරීමට පියවර ගෙන තිබේ. පසුගිය මාර්තු 07 වන දින ලැබුණු රහසිගත තොරතුරක් මත විනයාරක්ෂක නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී, අදාළ සිසුවාගේ නේවාසික කාමරයේ තිබී අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි විය.සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පවත්වා ඇති අතර, එහි නිර්දේශ මත උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා විසින් නිකුත් කළ ලිපියක් මගින් මෙම නෙරපා හැරීම තහවුරු කර ඇත. ඒ අනුව, කලා උපාධි පාඨමාලාව හදාරමින් සිටි ආර්.එම්.ජී.කලණ නැමැති සිසුවා මෙලෙස විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.මෙම තීරණයත් සමඟ 2026 ජූනි 18 වන දින සිට අදාළ පුද්ගලයා විශ්වවිද්‍යාලයේ කිසිදු ශිෂ්‍යයෙකු ලෙස හෝ පිළිගැනෙන්නේ නැති අතර, ශිෂ්‍යයෙකුට හිමි වන සියලුම වරප්‍රසාද සහ අයිතිවාසිකම් ඔහුට අහිමි වනු ඇත. විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුළ සිදුවන මෙවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඉදිරියේදීත් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පාලනාධිකාරිය පවසයි.



























