මහනුවර ඇසළ පෙරහරේ සිව්වන රන්දෝලි පෙරහර අද

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද (අගෝස්තු 26) දින රාත්‍රී කාලයේ වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම මහා සංස්කෘතික මංගල්‍යය ඉකුත් අගෝස්තු 18 වන දින ආරම්භ වූ අතර, එය සාර්ථකව නිමාවට පත්වන්නේ අගෝස්තු 28 වන දිනයි.​පෙරහර නැරඹීමට පැමිණෙන දේශීය සහ විදේශීය ජනතාවගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මෙන්ම විධිමත් රථවාහන සැලැස්මක්ද මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.​ඒ යටතේ මාර්ග බාධක යෙදීම, ආරක්ෂක රාජකාරී තර කිරීම, පුද්ගලයින් හා වාහන පරික්ෂා කිරීම මෙන්ම රථවාහන ගාල්කිරීම් සහ සංචාරකයින්ට අවශ්‍ය මගපෙන්වීම් ලබාදීම සඳහා පුළුල් සැකසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,302

Leave A Reply

Your email address will not be published. Required fields are marked *