මහනුවර ඇසළ පෙරහැරේ දෙවැනි රන්දෝලි පෙරහැර අද

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහැර අද (අගෝස්තු 24) රාත්‍රී කාලයේදී උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කිරීමට නියමිතය. පසුගිය අගෝස්තු 18 වැනිදා ආරම්භ වූ මෙම වාර්ෂික සංස්කෘතික මංගල්‍යය අගෝස්තු 28 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වේ.​මෙම පෙරහැර ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 7.00ට නැඟෙනහිර දිශාභිමුඛව ගමන් ආරම්භ කර, දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඇතුළු ප්‍රධාන වීදි ඔස්සේ ගමන් කර යළි මාලිගය වෙත වැදීමට සැලසුම් කර ඇත.​පෙරහැර නරඹන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ විධිමත් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ඒ යටතේ මාර්ග බාධක යෙදවීම, රථවාහන හා පුද්ගල පරීක්ෂා කිරීම් මෙන්ම වාහන ගාල් කිරීම සඳහා විශේෂ ස්ථාන වෙන් කර ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *