මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,724ක් බව එම ඒකකය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ජූලි මාසයේ ඊයේ (30) දිනය වන විට පමණක් වාර්තා වී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 29,350කි.දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 17,971ක් ලෙස සටහන් වේ. මීට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,814ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,873ක් වශයෙන් ද ඩෙංගු ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ඩෙංගු රෝගය පැතිරීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින්, නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙස ජනතාවට දැඩි ලෙස අවවාද කර ඇත.

























