මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,000 ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,081 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. සැප්තැම්බර් මාසය තුළ පමණක් මෙරටින් නව ඩෙංගු රෝගීන් 2,590 ක් හඳුනාගෙන ඇති අතර, මේ වන විට ඩෙංගු මරණ 74 ක් වාර්තා වී ඇත.​වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 51,679 කි. තවද, දිවයින පුරා වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාශ 35 ක් අඛණ්ඩව අධික අවදානම් ඩෙංගු කලාප ලෙස දිගටම හඳුනාගෙන ඇති බව එම ඒකකය සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,335

Leave A Reply

Your email address will not be published. Required fields are marked *