මෙරට පළමු මගී ඩ්‍රෝන සේවාවේ නියමු ව්‍යාපෘතිය නොවැම්බර් 11 වනදා

​ශ්‍රී ලංකාවේ ප්‍රථම මගී ප්‍රවාහන ඩ්‍රෝන (Flying Taxis) සේවාව ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය නොවැම්බර් 11 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉදිරි මාස 2-3 ඇතුළත මෙහි වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.​චීනයේ EHang සමාගම මගින් මෙහෙයවන මෙම ව්‍යාපෘතිය සඳහා කොළඹ පෝට් සිටි පරිශ්‍රයේදී මූලික පරීක්ෂණ ගුවන් ගමන් දැනටමත් සිදුකෙරේ. ආරක්ෂක අමාත්‍යාංශය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය ඇතුළු ආයතන වෙතින් ඊට අදාළ අනුමැතීන් ලැබී ඇත.​ආරම්භක පියවරේදී සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් කොළඹ සහ ඒ අවට ගුවන් දසුන් නැරඹීමට මෙය භාවිත වන අතර, ඉදිරියේදී සීගිරිය සහ යාපනය වැනි ප්‍රදේශවලටද මෙම සේවාව ව්‍යාප්ත කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,415

Leave A Reply

Your email address will not be published. Required fields are marked *