මෙරට වන අලි සම්පත රැකගැනීමට ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් නව ඒකාබද්ධ වැඩපිළිවෙළක්

​ශ්‍රී ලංකාවේ වන අලි – ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ දිගින් දිගටම වර්ධනය වන අලි – මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව විශේෂ ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ආරක්ෂක ලේකම්වරයාගේ සංකල්පයකට අනුව සකස් කෙරුණු මෙම වැඩසටහන සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.​මෙම ව්‍යාපෘතිය යටතේ ආරක්ෂක අංශ සතු මෙහෙයුම් හැකියාවන් සහ සම්පත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සමඟ සමීපව ඒකාබද්ධ කෙරේ. විශේෂයෙන්ම, යුද හමුදා මූලස්ථානය තුළ විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර, ඒ හරහා වන අලි ඝාතන වැළැක්වීම, වනජීවී අපරාධ මැඩලීම සහ තොරතුරු හුවමාරුව විධිමත් කිරීමට අපේක්ෂා කෙරේ.​මීට අමතරව, වන අලි සංරක්ෂණ කටයුතු සඳහා හමුදා සාමාජිකයන්ට විශේෂ පුහුණුවක් ලබාදීමටත්, වනජීවී නිලධාරීන් සමඟ එක්ව ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත. මෑතකදී තිරප්පනේ ප්‍රදේශයෙන් ‘අග්බෝ’ ඇතා සොයාගැනීමේ සිදුවීම වැනි සාර්ථක සම්බන්ධීකරණ ක්‍රමවේද අනාගතයේදී පුළුල් කිරීම මෙම ජාතික වැඩපිළිවෙළේ මූලික අපේක්ෂාවයි.

What's your reaction?

Related Posts

1 of 1,395

Leave A Reply

Your email address will not be published. Required fields are marked *