මේජර් ජෙනරල් සුරේෂ් සලේගේ රිට් පෙත්සම යළි කැඳවීමට නියෝගයක්

පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සම හෙට (28) දිනයේ යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. අදාළ නඩුව අද (27) අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.​මෙම නඩු විභාගයේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් අධිකරණය හමුවේ දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරන ලදී.​ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව, අදාළ පෙත්සම යළි කැඳවීම සඳහා හෙට දින අධිකරණය විසින් නියම කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,303

Leave A Reply

Your email address will not be published. Required fields are marked *