වාහන ලියාපදිංචියට අදාළව සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතාට ඇප ලබාදීමට පිළැස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (20) තීරණය කළේය. ඒ අනුව රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කිරීමට මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්.අයි. වාසල මහත්මිය නියෝග කළාය.පසුගිය මාර්තු 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගනු ලැබූ කොමසාරිස් ජනරාල්වරයාට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබීය. සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගන්නා ලෙස නියම වූ අතර, නඩුවට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසද එහිදී අවධාරණය කෙරිණි.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මෙම දූෂණ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුව ලබන මැයි මස 11 වනදා නැවත කැඳවීමට නියමිතව ඇත. එදිනට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.

























