මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් තවදුරටත් පුළුල් කෙරේ

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ පහසු සේවාවක් සැලසීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) සිය එක්දින සහ සාමාන්‍ය සේවා ලබා දීමේ ක්‍රමවේදයන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.​වාහන අලුතින් ලියාපදිංචි කිරීම, අයිතිය පැවරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ තාක්ෂණික ගැටලු නිරාකරණය වැනි සියලුම එක්දින සේවාවන් සඳහා දැන් පූර්ව වේලාවන් වෙන් කරවා ගත හැක. ඒ සඳහා කොළඹ, ගම්පහ, කුරුණෑගල, හම්බන්තොට, අනුරාධපුර සහ යාපනය යන ප්‍රාදේශීය කාර්යාලවල දුරකථන අංක (117 116) ඔස්සේ හෝ https://dmtappointments.dmt.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වේලාවන් වෙන් කර ගැනීමේ පහසුකම සලසා ඇත.​සාමාන්‍ය සේවාවන් ලබා ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් සඳහා පූර්ව වේලාවන් වෙන් කරවා ගැනීම අවශ්‍ය නොවන අතර, සාමාන්‍ය වාහන අයිතිය පැවරීමේ ලේඛන භාරදීම සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අමතරව තවත් ප්‍රාදේශීය ස්ථාන කිහිපයකම පහසුකම් සලසා දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,415

Leave A Reply

Your email address will not be published. Required fields are marked *