යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

පරගහදෙණිය පුස්වැල්ල මාර්ගයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අදාළ අනතුර හේතුවෙන් එක් සිසුවෙක් මියගොස් තවත් සිසුන් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 14ක් වයසැති සිංහපුර පරගහදෙණිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

අප වාර්තාකරු පැවසුවේ අනතුරින් තුවාල ලැබූ අනෙක් සිසුන් තිදෙනා වයස අවුරුදු 15 සහ 16 වියේ පසුවන්නන් බවයි.

What's your reaction?

Related Posts

1 of 1,126

Leave A Reply

Your email address will not be published. Required fields are marked *