යෝෂිතගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 30 වනදා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාල සීමාව තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක මුදලක් ලබාදී ඇති බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී තිබේ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි දුන් නාවික හමුදා නිලධාරියෙකු විසින් මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත.​අදාළ ගෙවීම් අතරට කිසිදු දීමනාවක් ඇතුළත් කර නොමැති බවද සාක්ෂිකරු විසින් අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ අද (15) දින මෙම නඩුව කැඳවූ අතර, එහිදී පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරන ලදී.​ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව, අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඉදිරි ඔක්තෝබර් 30 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණය නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,379

Leave A Reply

Your email address will not be published. Required fields are marked *