හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදු කර තිබේ. බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු පාඨමාලාවක් සඳහා යෝෂිත රාජපක්ෂ මහතා නීතිවිරෝධී ලෙස යොමු කිරීමෙන් රජයට පාඩුවක් සහ අයුතු ලාභයක් සිදු කළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවසා ඇත.මෙම සිදුවීමට අදාළව චෝදනා 8ක් යටතේ අදාළ අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කර ඇති අතර, අධිකරණය විසින් කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා නියමිත ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කර තිබේ. ඉදිරියේදී මෙම නඩුව සම්බන්ධයෙන් වැඩිදුර විභාග කටයුතු මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතය.



























