රට තුළ ආඥාදායක සහ ඒකාධිපති ලක්ෂණ මතුවෙමින් පවතින බව පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එකම පක්ෂයක ආධිපත්‍යය යටතේ රට පාලනය කිරීමේ ක්‍රමවේදය තමන් ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.වර්තමාන පාලනය දැඩි අසාර්ථකත්වයකට මුහුණ දී ඇති බවත්, ඉන් ජනතාවට සහනයක් ලැබෙනවා වෙනුවට ජීවිතය තවත් දුෂ්කර වී ඇති බවත් ඔහු සඳහන් කළේය. මැතිවරණ සමයේදී ලබා දුන් ජනතා හිතවාදී පොරොන්දු මෙතෙක් ඉටු වී නැති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, විදුලි බිල 33%කින් අඩු කිරීම, ජාත්‍යන්තර මිලට ඉන්ධන සැපයීම සහ රුපියල් ලක්ෂ 12කට විදුලි වාහනයක් ලබා දීම වැනි පොරොන්දු සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.රටේ බුද්ධිමතුන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම වත්මන් රජයේ මූලික වගකීම වන බැවින්, දුන් පොරොන්දු කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



























