ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු සභාපති ලෙස කුසල් මෙන්ඩිස් පත්වෙයි

​ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින් ඔවුන් වෙනුවෙන් ස්වාධීන මෙන්ම සාමූහික හඬක් නැගීමේ අරමුණින් නව සංගමයක් ආරම්භ කර තිබේ. එහි පළමු මහා සභා රැස්වීමේදී ‘ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ’ සමාරම්භක සභාපතිවරයා ලෙස ජාතික සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පත් කර ගැනුණි.​ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තය වැනි ප්‍රමුඛ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල පවතින ක්‍රීඩක සංගම්වලට සමානව මෙම පියවර ගෙන ඇත. ඒ අනුව ක්‍රීඩකයන්ගේ සුභසාධනය වෙනුවෙන් සෘජුවම මැදිහත් වන මෙම නව සංවිධානය, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෝලීය සංගමය වන ‘ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය’ (World Players’ Association) සමඟ ද සෘජු අනුබද්ධතාවයකින් කටයුතු කිරීමට නියමිතය.​වනිඳු හසරංග සහ චමරි අතපත්තු ඇතුළු දිවයිනේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් සහ සහයෝගයෙන් මෙම සංගමය නිල වශයෙන් බලගන්වා තිබේ. ඉදිරියේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වෘත්තීයමය ගැටලු විසඳීමටත්, ඔවුන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ නියෝජනයක් ලබා දීමටත් මෙම සංගමය හරහා මග පෑදෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,293

Leave A Reply

Your email address will not be published. Required fields are marked *