රටේ පවතින සැබෑ දේශීය ආර්ථික තත්ත්වය වසන් කරමින්, මූල්‍ය ක්‍රමෝපාය හා මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ වාර්තාවේ දත්ත පරස්පරතා සහිතව ඉදිරිපත් කර ඇති බව විපක්ෂය පාර්ලිමේන්තුවේදී චෝදනා කරයි. වත්මන් රජය පෙන්වා දෙන ප්‍රාථමික අතිරික්තය සහ ආදායම් වර්ධනය, ඇත්ත වශයෙන්ම පොදු මහජනතාව මත පටවා ඇති අධික බදු බරෙහි සහ සුභසාධන මෙන්ම ප්‍රාග්ධන වියදම් කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.මීට අමතරව, ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක විදේශ ණය වාරිකය ගෙවීමට අදාළව සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් සභාවට නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, රාජ්‍ය මූල්‍ය පාලනයේ පවතින මෙවැනි අපැහැදිලි තාවන් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ තුළ රටේ විශ්වාසනීයත්වයට ද දැඩි ලෙස බලපෑ හැකි බව ප්‍රකාශ කළේය. පාරිභෝගිකයා සහ දේශීය ව්‍යවසායකයා පීඩාවට පත් කරමින් ලබාගන්නා ආර්ථික ජයග්‍රහණ දිගුකාලීන නොවන බව ද ඔහු පෙන්වා දෙයි.මෙම පසුබිම තුළ, රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව පවතින සැකසංකා දුරු කරනු වස් අදාළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ වහාම පූර්ණ විවාදයක් පැවැත්විය යුතු බවට විපක්ෂය ඉල්ලීමක් කර ඇත. ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත මෙම මූල්‍ය විවාදය, රටේ අනාගත ආර්ථික ප්‍රතිපත්තිමය දිශානතිය තීරණය කෙරෙන තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.



























