සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහායකයින් (PHMA) 228 දෙනෙකු සඳහා අද (16) පෙරවරුවේ පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන මෙම උත්සවය, රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙලෙහි කොටසකි.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීම අරමුණු කරගනිමින් මීට පෙර බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායකයින් (SKS) 627 දෙනෙකුට පත්වීම් ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කළේය. එම ක්‍රියාවලියේ අඛණ්ඩ පැවැත්මක් ලෙස, ඉදිරි දින කිහිපය තුළදීද සෞඛ්‍ය කාර්ය සහායකයින් විශාල පිරිසකට පත්වීම් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව, එළඹෙන ජූලි 18 වන දින 600 දෙනෙකුට සහ අගෝස්තු 01 වන දින 762 දෙනෙකුට පත්වීම් හිමි වනු ඇත.මීට අමතරව, ඉදිරි සති දෙකක කාලසීමාව තුළ ඩෙංගු මර්දන සහායකයින් 295 දෙනෙකු සහ සුළු සේවා පාලකයින් (Overseers) 121 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම සැලසුම් සහගත බඳවාගැනීම් ක්‍රියාවට නංවා ඇත.























