71 හැවිරිදි ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේගේ (Pope Leo) දකුණු පෙනහළුවෙන් කොටසක් ඉවත් කිරීමේ ශල්යකර්මය කිසිදු සංකූලතාවකින් තොරව ඉතා සාර්ථකව නිම කර ඇති බව වතිකානය නිවේදනය කර ඇත. මෑතකදී සිදුකළ සාමාන්ය සෞඛ්ය පරීක්ෂාවකදී අනාවරණය වූ ගැටලුවක් හේතුවෙන් උන්වහන්සේ රෝමයේ ජෙමෙලි (Gemelli) රෝහලට ඇතුළත් කර ඇති අතර, පැය එකහමාරක පමණ කාලයක් ගත වූ මෙම ශල්යකර්මයෙන් අනතුරුව සිදුකළ පටක පරීක්ෂාවකදී උන්වහන්සේට පෙනහළු පිළිකාවක් (Lung Adenocarcinoma) තිබී ඇති බව තහවුරු විය. කෙසේ වෙතත්, ප්රධාන ශල්ය වෛද්ය ආචාර්ය ස්ටෙෆානෝ මාර්ගරිටෝරා සහ පෞද්ගලික වෛද්ය ලුයිගි කාබෝන් ප්රකාශ කළේ ලියෝ පාප් වහන්සේට සිදුකළ මෙම මූලික ශල්යකර්මය සාර්ථකව අවසන් වූ බවයි.

























