ලීසිං සහල් කතාව මාධ්‍ය නිර්මාණයක් බව අමාත්‍ය වසන්ත සමරසිංහ කියයි

ලීසිං ක්‍රමයට සහල් ලබාදෙන බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ සමාජය නොමඟ යවන සුළු මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති ඇතැම් ජනමාධ්‍ය විසින් අත්තනෝමතික ලෙස නිර්මාණය කර ඇති බවයි. වත්මන් රජය යටතේ රට සහලෙන් ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් මෙවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව ඔහු සඳහන් කළේය.​රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “වැඩකරමු රට හදමු – අභිමානවත් සේවාවක් ගොඩනගමු” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම විශේෂ නිල උත්සවය සඳහා නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ.​මෙහිදී රටේ වත්මන් ආහාර තත්ත්වය පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙරට පාරිභෝගික ජනතාවට ඉදිරි මාස හයක කාලය සඳහා කිසිදු හිඟයකින් තොරව පරිභෝජනය කිරීමට අවශ්‍ය තරම් සහල් අතිරික්තයක් මේ වන විටත් රට තුළ සුරක්ෂිතව පවතින බව ද සහතික කළේය.

What's your reaction?

Related Posts

1 of 1,218

Leave A Reply

Your email address will not be published. Required fields are marked *