ව්‍යාජ ගමන් බලපත්‍ර ජාවාරමකට සම්බන්ධ ආගමන විගමන නියෝජ්‍ය පාලකවරයෙකු අත්අඩංගුවට

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ජාවාරමකට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.​ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු සඳහා වෙනත් අයෙකුගේ තොරතුරු යොදා ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කර තිබූ අතර, කිසිදු පූර්ව පරීක්ෂාවකින් තොරව එය නිකුත් කිරීමට මෙම නිලධාරියා සෘජුවම දායක වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.​මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවන ආගමන විගමන උසස් නිලධාරියෙකු වන අතර, මෙම සංවිධානාත්මක ජාලයට සම්බන්ධ සෙසු පුද්ගලයන් සහ ඉදිරි තොරතුරු අනාවරණය කරගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

What's your reaction?

Related Posts

1 of 1,224

Leave A Reply

Your email address will not be published. Required fields are marked *