වායු ගුණත්වය පහළ යාම නිසා යාපනය ගුවන් ගමන් අවලංගු කෙරේ

පවතින අයහපත් වායු ගුණත්ව තත්ත්වය හේතුවෙන් ඇති වූ අඩු දෘශ්‍යතාව නිසා ඉන්දියාවේ චෙන්නායි සහ ට්‍රිචී සිට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් අද (19) අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.​ගුවන් යානා ආරක්ෂිතව ගොඩබෑම සඳහා අවශ්‍ය පැහැදිලි දෘශ්‍යතාව නොමැති වීම මෙම තීරණයට හේතු වී ඇති බව යාපනය ගුවන්තොටුපළ බලධාරීහු සඳහන් කරති.

What's your reaction?

Related Posts

1 of 1,430

Leave A Reply

Your email address will not be published. Required fields are marked *