33 වැනි ආසියාන් කලාපීය සංසදයට (ARF) සමගාමීව, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා අතර විශේෂ ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් මිනීලා නුවරදී පවත්වා තිබේ. දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහිදී ප්‍රධාන අවධානයට ලක් විය.මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකුද හමුවී ඇති අතර, ඊට ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති සහ විශේෂ දූත මණ්ඩල ප්‍රධානී සර්ජියෝ ගෝර්, රුසියානු විදේශ අමාත්‍ය සෙගෙයි ලැව්රොව් සහ බ්‍රසීල විදේශ අමාත්‍ය මවුරෝ වීෙයිරා යන මහත්වරුන් ද ඇතුළත් වෙති.එම හමුවලදී ද්වීපාර්ශ්වික වෙළඳ හා ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීම මෙන්ම, කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සහ ඩෙංගු පාලන වැඩසටහන් සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.























