ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන ප්‍රධාන කුළුණු තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතරින් අධිකරණය සතු වන්නේ සුවිශේෂී කාර්යභාරයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මීට අමතරව ස්වාධීන මාධ්‍ය සහ සිවිල් සමාජයද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන තවත් අත්‍යවශ්‍ය පාර්ශ්ව බව පෙන්වා දෙන ඒ මහතා, අධිකරණයේ ස්වාධීනත්වයට බාධා නොකර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.වර්තමාන රජය විසින් අධිකරණයට බලපෑම් සිදු කරන බවට චෝදනා කරන විපක්ෂ නායකවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට උත්සාහ කිරීම සහ අධිකරණවල පවතින විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම වැනි ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසන නින්දිත උත්සාහයන් ලෙස හෙළා දකී. විනිසුරුවරුන් පත් නොකර පුරප්පාඩු පවත්වාගෙන යාමම අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට එල්ල කරන බලපෑමක් බවත්, යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය හා නීතියේ ආධිපත්‍යය සුරැකීමට සමගි ජන බලවේගය සහ ප්‍රගතිශීලී විපක්ෂය කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.ජනතාව විසින් වත්මන් පාලනයට ලබා දී ඇත්තේ අධිකරණයට බලපෑම් නොකර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ලෙසත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත් වූ ජනවරමක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. එබැවින් මෙම ජනවරම නොසලකා හැරීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙත වහා යොමු වන ලෙසත් ඔහු රජයට බලකර සිටී.























