අධිකරණ පද්ධතිය මේ වන විට මුහුණ දී ඇති ගැටලු සහ අර්බුදකාරී තත්ත්වයන්ට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස වත්මන් රජයට බලපෑම් කිරීමේ අරමුණින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ දේශපාලන සාකච්ඡාවක් අද (23) ආරම්භ විය.මෙම සාකච්ඡාව සඳහා විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් සහ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටිති. රටේ පවතින වත්මන් අධිකරණ අර්බුදය හමුවේ ඒකාබද්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.මීට අමතරව, හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට මෙන්ම දිවයිනේ හිටපු අග්‍රාමාත්‍යවරුන්ට ද මෙම වැදගත් සාකච්ඡාව සඳහා විශේෂයෙන් ආරාධනා කර තිබිණි.























