ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මීට පෙර පාර්ලිමේන්තු කාරක සභාව ලබාදුන් නිර්දේශවල ප්‍රගතිය පිළිබඳව කෝපා කමිටුව විසින් විශේෂ අවධානයක් යොමු කර තිබේ. විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම, ප්‍රශ්නපත්‍ර ඇගයීම් කටයුතු සහ විභාග රහස්‍යභාවය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් එහිදී ගැඹුරින් සාකච්ඡා කර ඇත.ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් කඩිනම් කිරීමේ අරමුණින් නව OMR සහ OCR තාක්ෂණික පද්ධතියක් හඳුන්වා දීමටත්, වෙනම ඇගයීම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටත් නියමිත නිලධාරීන් විසින් කමිටුව දැනුවත් කර තිබේ.විභාග දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යසාධනය නංවාලීම සඳහා මීට පෙර ලබාදුන් සියලුම නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කෝපා කමිටුව දැඩිව අවධාරණය කර ඇත.



























