විමල්, දිලිත් සහ ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව මහෙස්ත්‍රාත්වරයාගෙන් අභියාචනාධිකරණයට පැමිණිල්ලක්

කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයකදී සිදු කළ ප්‍රකාශ හරහා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ. රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.​හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ යන පිරිස මෙලෙස පැමිණිල්ලට ලක්ව ඇත. අදාළ ප්‍රකාශ හරහා මොවුන් අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට මූලික පරීක්ෂණවලදී බැලූ බැල්මට පෙනී යන බව කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියේය.​ඒ අනුව, අදාළ සැකකරුවන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ඉල්ලා ඇත. මේ අතර, පාස්කු ප්‍රහාර මාලාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අනුව, වවුනතිව් කඳවුරේ බුද්ධි තොරතුරු සටහන් පොත සිය භාරයට ගැනීමෙන් අනතුරුව වවුනියාවේ පදිංචිකරුවෙකු කොටුව මහේස්ත්‍රාත් හමුවේ පැයකට ආසන්න කාලයක් රහස් ප්‍රකාශයක් ලබා දීමද සිදු විය.

What's your reaction?

Related Posts

1 of 1,300

Leave A Reply

Your email address will not be published. Required fields are marked *