විලී ධූරයේන් ඉල්ලා අස්වේයි

දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ විලී ගමගේ එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එළැඹෙන මැයි මස 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම ධුරයෙන් විශ්‍රාම යනු ඇති.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පුරප්පාඩු වන දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට මේ වන විට වයඹ පළාත් ආණ්ඩුකාර ධුර‍යේ කටයුතු කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත් කිරීමට නියමිත බවයි.

කෙසේ නමුත් එම පත් කිරීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් තවමත් ලැබී නැහැ

What's your reaction?

Related Posts

1 of 1,267

Leave A Reply

Your email address will not be published. Required fields are marked *