රටේ ජනගහනය ක්‍රමයෙන් වයස්ගත වීමත් සමඟ ඇති වන විවිධ රෝගාබාධවල ස්වභාවය වෙනස් වී ඇති බැවින්, වත්මන් සෞඛ්‍ය පද්ධතියද ඊට ගැළපෙන පරිදි පරිවර්තනය විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.නව දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 77 දෙනෙකුට සීමාවාසික පුහුණු පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය. මෙම වෛද්‍යවරුන් දිවයින පුරා පිහිටි රෝහල් 31කට වසරක කාලයක් සඳහා අනුයුක්ත කිරීමට නියමිතව ඇත.ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම මෙන්ම රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීමට පොකුරු (Cluster) ක්‍රමවේදයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



























