කල්පිටිය, කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවලට ඔබ්බෙන් වන මුහුදු කලාපවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම මුහුදු ප්‍රදේශවල සුළඟ ප්‍රධාන වශයෙන් නිරිතදෙසින් හමා එන අතර, එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.මීට අමතරව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු තීරයේ මෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන කලාපවල ද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා ඉහළ යාමට ඉඩ තිබේ.මේ හේතුවෙන් හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දන්වා සිටියි.

























