වේයන්ගොඩ රිය අනතුරකින් දෙදෙනෙක් මිය යති

වේයන්ගොඩ මාගලේගොඩ – නයිවල මාර්ගයේදී වෑන් රථයක් විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මංගල උත්සවයකට සහභාගී වී හීන්දෙනිය පිහිටි නිවස වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, මියගොස් ඇත්තේ වෑන් රථය පැදවූ වේයන්ගොඩ, හීන්දෙනිය පදිංචි 21 හැවිරිදි නවෝද් චතුරංග නමැති තරුණයා සහ ඔහුගේ 80 හැවිරිදි මිත්තණියයි. මංගල්‍යයේ මනාලයාගේ සහෝදරයා රිය පැදවූ මෙම රථයේ මනාලයාගේ මව, පියා සහ මිත්තණිය ඇතුළුව පවුලේ සාමාජිකයින් නව දෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරින් තුවාල ලැබූ සියලුම දෙනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියැදුරු සහ ඔහුගේ මිත්තණිය ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. ඉතිරි තුවාලකරුවන් සත් දෙනා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන අතර, රියැදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,285

Leave A Reply

Your email address will not be published. Required fields are marked *