මැදපෙරදිග කලාපයේ වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ සිට සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් නගර දක්වා ක්රියාත්මක සියලු ගුවන් ගමන් අත්හිටුවීමට ගත් තීරණය ඔක්තෝබර් 24 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.වාණිජ ගුවන් ගමන් ආරක්ෂිතව පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති බව තහවුරු කරගැනීමෙන් පසුව පමණක් අදාළ ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව එම සමාගම නිවේදනය කරයි. මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත් බවද ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීමට ශ්රී ලංකාව තුළ සිටින මගීන්ට 1979 කෙටි අංකයද, විදේශයන්හි සිටින මගීන්ට +94 11 777 1979 අංකයද ඇමතීමට පහසුකම් සලසා ඇත. ඊට අමතරව +94 74 444 1979 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන්ද නවතම තොරතුරු ලබාගත හැකිය.



























