එංගලන්තය සමඟ පැවති තරග 3කින් යුත් විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. කාඩිෆ්හිදී පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 145ක් පමණි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 12යි පන්දු 1ක් පමණක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 146ක ඉලක්කය පසුකර ගියේය. ඒ අනුව, තරගයේ ජයත් සමඟ තරගාවලියේ ජයග්‍රහණය ද තහවුරු කර ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.



























