ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා IMF කාර්ය මණ්ඩල එකඟතාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ වන හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සහ අරමුදලේ කාර්ය මණ්ඩලය අතර එකඟතාවකට පැමිණ තිබේ. විධායක මණ්ඩල අනුමැතියෙන් පසු ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 345 ක මූල්‍ය පහසුකමක් ලැබීමට නියමිතය.​මේ හරහා මෙරටට ලැබෙන සමස්ත මූල්‍ය සහාය ඇමරිකානු ඩොලර් බිලියන 2.7 දක්වා ඉහළ යනු ඇත. 2026 වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2 ක වර්ධනයක් වාර්තා කර ඇති බවත්, අඛණ්ඩව ආර්ථික කම්පන මැද වුවද රටේ ආර්ථිකය ශක්තිමත් ඔරොත්තු දීමක් පෙන්නුම් කරන බවත් IMF දූත මණ්ඩලය පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *