ලෝක ආර්ථික සංසදය මගින් නිකුත් කර ඇති නවතම සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකයට අනුව, 2024 සිට 2026 දක්වා කාලය තුළ ලොව පුරා සංචාරක ක්ෂේත්‍රයෙන් වැඩිම දියුණුවක් පෙන්නුම් කළ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබේ.මෙම නව දත්ත වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර, 2024 වසර හා සසඳන විට මෙරට සංචාරක සංවර්ධන දර්ශක ලකුණු ප්‍රතිශතය 4.33% කින් ඉහළ ගොස් ඇත.



























