ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක අවසන් එක්දින තරගය අද ලන්ඩන් නුවරදී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (27) ලන්ඩන් නුවර ඕවල් (Oval) ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙස සම මට්ටමක පවතින බැවින් දෙපිළටම මෙම ජයග්‍රහණය අතිශයින් වැදගත් වේ.​පළමු තරගය එංගලන්තය ජය ගත්තද, දෙවැනි තරගයෙන් ලකුණු 16 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. T20 තරගාවලිය පරාජය වූවත්, මෙම එක්දින තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අපේක්ෂාවයි.

What's your reaction?

Related Posts

1 of 972

Leave A Reply

Your email address will not be published. Required fields are marked *