ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීමට ජනපති කාර්යාලයෙන් ප්‍රතිචාරයක්

පසුගිය අගෝස්තු 12 වන දින ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිල වශයෙන් ප්‍රතිචාර දක්වා තිබේ. ඒ අනුව, ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරාගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර ඇත.​එම ලිපියේ සඳහන් වන ආකාරයට, නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශවල සංස්කරණය නොකළ මුල් වීඩියෝ පටිගත කිරීම් අදාළ රැස්වීම පැවති අගෝස්තු 12 වන දිනදීම එම සංගමය වෙත ලබා දී තිබේ.​තවදුරටත් කරුණු දක්වමින් ජනාධිපති කාර්යාලය පවසා ඇත්තේ, එම රැස්වීමට එක්වූ අනෙකුත් පාර්ශ්වයන්ගේ අදහස් දැක්වීම් ද ඇතුළත් සම්පූර්ණ දර්ශන නිල ක්‍රියාපටිපාටීන්ට අනුකූලව ඉදිරියේදී කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවයි. වීඩියෝ දර්ශන විධිමත්ව ලබා දීම සඳහා සිය පූර්ණ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,286

Leave A Reply

Your email address will not be published. Required fields are marked *