ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය අද රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේදී ආරම්භ වේ. අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ප්රථමයෙන් පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළේය.මෙය ශ්රී ලංකා කණ්ඩායම වසර 7කට පසුව පාකිස්තාන බිමේදී ක්රීඩා කරන පළමු ටෙස්ට් තරගාවලියයි. අවසන් වරට 2019 වසරේදී එහි සංචාරය කළ ශ්රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය පරාජය විය. එසේම 2000 වසරේදී සනත් ජයසූරියගේ නායකත්වයෙන් ලබාගත් ජයග්රහණයෙන් පසු වසර 26ක කාලය තුළ පාකිස්තානය තුළ ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකාවට හැකිවී නැත.දෙරට අතර මෙතෙක් පවත්වා ඇති සමස්ත ටෙස්ට් තරග 59න් පාකිස්තානය තරග 23ක් සහ ශ්රී ලංකාව තරග 17ක් ජයගෙන ඇති අතර තරග 19ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.



























