ශ්‍රී ලංකා මහ බැංකුවෙන් “2026 සමාජ-ආර්ථික දත්ත” වාර්තාව එළිදක්වයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන “ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත – 2026” වාර්තාවේ 49 වන වෙළුම මේ වන විට නිල වශයෙන් එළිදක්වා තිබේ.​රටේ වත්මන් සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳ පුළුල් දත්ත සමුදායක් ඉදිරිපත් කරමින්, ප්‍රධාන මාතෘකා 14ක් යටතේ මෙම වාර්තාව සකසා ඇත. ඒ යටතේ ප්‍රධාන ආර්ථික දර්ශක, ජාතික ගිණුම්, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, මිල ගණන්, වැටුප් මෙන්ම විදේශ වෙළෙඳාම සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නවතම සංඛ්‍යාලේඛන මීට ඇතුළත් කර තිබේ.​රටේ ආර්ථික ගමන් මඟ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පර්යේෂකයන්ට සහ පාර්ශ්වකරුවන්ට මෙම වාර්තාව මහ බැංකු නිල වෙබ් අඩවිය හරහා දැන් ලබාගත හැක.

What's your reaction?

Related Posts

1 of 1,353

Leave A Reply

Your email address will not be published. Required fields are marked *