යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව නොවැම්බර් 03 වැනිදාට කැඳවයි

මුදල් විශුද්ධි කරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 03 වැනි දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.​අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම්වල තැන්පත් කිරීම හරහා නීති විරෝධී ලෙස මුදල් පරිහරණය කළ බවට නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.​අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඩේසි ෆොරස්ට් වෙනුවෙන් ඇයගේ නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,353

Leave A Reply

Your email address will not be published. Required fields are marked *