ශ්‍රී ලන්කන් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේ විමර්ශන වාර්තාවක් කැඳවයි

​කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ පසුගියදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදුවූ බව කියන අල්ලස් සිද්ධිය සම්බන්ධ නඩුව කැඳවනු ලැබීය. අල්ලස් විමර්ශන කොමිෂන් සභාව විසින් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් එහිදී අධිකරණයට ඉදිරිපත් කෙරිණි.​එම විමර්ශනවල මීළඟ පියවර සහ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් නැවත ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඒ සඳහා නඩුව ඔක්තෝබර් 13 වනදා දක්වා කල් තැබීමට පියවර ගත්තේය. විමර්ශන කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා මෙලෙස දිනයක් ලබා දෙන ලෙස කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.​මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා සැකකරුවෙකු ලෙස නම් කර සිටි නමුත් ඔහු මීට සුළු කලකට පෙර ජීවිතක්ෂයට පත්විය. එම නඩුවේ සෙසු සැකකරුවන් වන ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මීට පෙර වරෙන්තු නිකුත් කර තිබූ බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,236

Leave A Reply

Your email address will not be published. Required fields are marked *