අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති (DIG) ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ. පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය විසින් ලබාදුන් නියෝගයකට අනුව අගෝස්තු 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම හිමිවන අතර, වැඩ තහනමට ලක්ව සිටි සමයේ අහිමි වූ සියලු හිඟ වැටුප් හා දීමනා ද ඔහුට ගෙවීමට තීරණය කර ඇත.2020 වසරේ ජූලි මාසයේදී අත්අඩංගුවට පත් වූ ඒ මහතා මාස 11ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර, පසුව අභියාචනාධිකරණය මගින් ඔහුට ඇප හිමි විය.පසුව 2024 වසරේදී යළි සේවයේ පිහිටුවනු ලැබූ ශානි අබේසේකර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස නැවත ධුරයේ කටයුතු ආරම්භ කළේය.



























