ශිරන්ති රාජපක්ෂ මහත්මිය හදවත් සැත්කමකට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විවෘත හදවත් සැත්කමකට යොමු කිරීමට නියමිත බව ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ දැනුම් දී තිබේ. ක්‍රිෂ් (Krrish) සිද්ධියට අදාළව මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට මේ බව ප්‍රකාශ කළේය.​ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වන විට හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් පසුවන බවත්, මෙම විශේෂිත පවුල් තත්ත්වය සලකා බලා පවුලේ වැඩිමලා වන නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම හෙට (28) දිනට කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,398

Leave A Reply

Your email address will not be published. Required fields are marked *