රැඳවුම් භාරයේ පසුවන හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෙට (09) කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ජගත් පල්ලේකන්ද මහතා මේ බව තහවුරු කළේය.අද දින ඇය බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීමෙන් අනතුරුව, ලැබුණු වෛද්‍ය නිර්දේශ මත මෙම විශේෂ පරීක්ෂාව සඳහා අක්ෂි රෝහල වෙත යොමු කිරීමට තීරණය කර ඇත.


























