ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙයි

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2,723 කදී අද (09) පැවැත්වෙන අතර, ඒ සඳහා අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටීමට නියමිතය. මෙයින් සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් ලියාපදිංචි වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස උපදෙස් දී ඇති අතර, විභාගය පැවැත්වෙන අවස්ථාවේදී දෙමාපියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුළු වීමට කිසිදු අවසරයක් හිමි නොවේ.​කාලසටහනට අනුව ප්‍රථමයෙන් දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට 10.45 දක්වා පැවැත්වෙන අතර, කෙටි විවේකයකින් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැවැත්වේ. ප්‍රශ්න පත්‍රයේ සඳහන් උපදෙස් හොඳින් කියවා, විභාග අංකය නිවැරදිව සටහන් කරමින් පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු ලියන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නීය.​විභාග ශාලාව තුළට ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ මෙන්ම සටහන් රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. අගෝස්තු 05 වනදා මධ්‍යම රාත්‍රියෙන් උපකාරක පන්ති අවසන් වූ අතර, විභාග කටයුතු නිමා වන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්වයට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම් වේ.

What's your reaction?

Related Posts

1 of 1,277

Leave A Reply

Your email address will not be published. Required fields are marked *