හෙට (09) පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 2,94,089 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර, විභාගය ආරම්භ වීමට පැයකට පෙර දරුවන් අදාළ මධ්‍යස්ථාන වෙත කැඳවාගෙන එන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. යම් හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට සහ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම පසුගිය 05 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, විභාගය නිමවන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය හරහා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. මෙවර සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් විභාගයට මුහුණ දීමට නියමිතය.මේ අතර 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සඳුදා සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532ක් සූදානම් කර තිබේ.



























